IMDB Ratings:8.3 /10
Directed: Mahesh Narayan
Genres:  Thriller/Drama

සමීරා දුප්පත් පවුලක එකම ගැහැණු දරුවා. අනෙක විදි දුක් කම්කටොලු මැද, සිය දෙමව්පියන් ලෝකයාට ණය වී ඇයට ලබාදුන් අධ්‍යාපනයේ පිහිටෙන් හෙදියක් බවට පත්වෙනවා. නමුත් අවාසනාව කියන්නෙ, මෙතරම් උතුම් සේවයක නියතු මෙම වෘත්තිකයන්ට ලැබෙන්නෙ ඉතාමත් සොච්චම් පඩියක් වීමයි. අඩු තරමේ, ලබාගත් ණය මුදලේ පොළිය ගෙවීමට පවා මෙම තත්වයේදී අපහසු වෙනවා. කිසිඳු පිළිසරණක් නොමැතිව අසරණ වන මෙම තරුණියට, සිය දෙමව්පියන් ණය බරින් නිදහස් කරනු පිණිස විදේශගත වී රැකියාවක යෙදීම හැර අන් කිසිඳු විකල්පයක් නැති වෙනවා. අහස උසට බලාපොරොත්තු පොදි බැඳගෙන, ලොකු මාසික වේතනයක සුන්දර බලාපොරොත්තු සිය සිත් සතන් හි පුරවාගෙන, ඇය මේ කොයිබද යන්නේ? වසර ගණනාවක් පුරාවට පැවති අතිශය දරුණු සදාම් හුසේන් පාලනය නිමාවීමෙන් පසුව, නීතිය වල් වැදී ගිය, ලේ පිපාසිත කුරිරු ත්‍රස්තවාදීන්ගේ පාරාදීසයක් වූ, මිහිපිට අපායක් බඳු වූ ඉරාක දේශය වෙතයි ඇය මේ පා තබන්නෙ. මේ රටේ සැබෑ තත්වය පිළිබඳව අංශු මාත්‍රයක් හෝ දැන සිටියා නම්, ඉදිරියට තම ජීවිතයට සිදුවීමට ඇති මහත් අභාග්‍යසම්පන්න කාල වකවානුව පිළිබඳව ඉවෙන් හෝ වැටහුණා නම්, මෙම අතිශය බිහිසුණු ඉරාක දේශය දෙස බැල්මක් හෝ හෙලන්නට පෙර සිය දහස් වතාවක් ඇය කල්පනා කර බලන්නට තිබුණා. නමුත්, ඇයගේ දෛවය පැහැදිළි ලෙසම ලියවී තිබුණා. සිය දෙමාපිය-හිතවතුන්ගේ විරෝධය නොතකා, යහපත් අනාගතයක සුභ සිහින කරපින්නාගෙන ඇය සමග ඉරාක දේශයේ හෙද වෘත්තීය පිණිස පැමිණි ඉන්දියානු හෙද කණ්ඩායමේ ඉරණම කුමක් වේද? කිසිඳු හිතවතෙකු නොමැති, අමනුෂ්‍යයන් මෙන් දරුණු ත්‍රස්තවාදීන් පිරි රටක, දිනපතාම රුධිර ගංගා වලින් පොලෝ තලය සේදී යන්නා වූ බිහිසුණු රටක වා තලයට ඔවුන්ගේ අවසන් හුස්ම පොදත් මුසු කිරීමට තරම් ඔවුන්ගේ දෛවය අකාරුණික වේද?

Survival සහ Thriller යන කාණ්ඩ නියෝජනය කරමින්, 2017 වර්ෂයේ අප්‍රේල් මස 7 වන දින තිරගතවීම ආරම්භ කරන ලද, මලයාලම් බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් තමයි මේ වතාවේ අරගෙන ආවේ. වැඩි අටුවා ටීකා අවශ්‍ය වෙන්නේ නැහැ, 1200 ඉක්මවූ ප්‍රේක්ෂක සංඛයාවකගේ මනාපයෙන් 8.3 ක් වැනි ඉහළම අගයක් දක්වා කැරකුණු imdb දර්ශකය මේ අනර්ඝ සලරුව පිළිබඳව මැනවින් සාක්ෂි සපයාවි. ඉන්දියානු රුපියල් කෝටි හතක බරපැනක් දරමින්, ඉන්දියාවේ කේරල ප්‍රදේශයේ සහ ඩුබායි රාජ්‍යය තුල රූගත කරමින්, ඉන්දියානු රුපියල් කෝටි 30 ඉක්මවමින් බොක්ස් ඔෆිස් වාර්තාවක් හිමිකරගත් මෙමෙ සළරුව, 2015 වර්ෂයේදී සිදුවූ සත්‍ය කතාවක් පදනම් කරගනිමින් නිෂ්පාදනය වූවකි. ඇඟ හිරිගඬු පිපෙමින්, අමුතුම හැඟීමකින් හදවත පුරවන්නා වූ පසුබිම් සංගීතය, දේශානුරාගය වඩවන්නා වූ අභිමානවත් දෙබස්, හදවතේ සියුම්ම තැනකට පහර දෙන්නා වූ දර්ශන… මේ සියල්ලක්ගෙන්ම ඔබට හරි අපූරු සිනමා වින්දනයක් අනිවාර්‍යයෙන්ම ලැබේවි. ඔබ සංවේදී පුද්ගලයෙකු නොවෙන්න පුළුවන්. හැබැයි, සමහර දර්ශන හමුවේ එක කඳුළු බිඳක් හෝ ඔබගේ දෙනෙතින් කඩා වැටුනේ නැත්නම්, අවිවාදයෙන්ම ඔබගේ මිනිසත්කම ගැන ප්‍රශ්නාර්ථයක් ඉතුරු වෙනවා. නරඹන්න… රස විඳින්න… ජීවිතයේ සදා අමතක නොවෙන සිනමා අත්දැකීමක හිමිකරුවෙකු වෙන්න…
(උපුටා ගැනීම - Baiscopelk.com)





Online Play & Download

https://drive.google.com/file/d/1Kbqanh5r8bUAIKeQv0ONSTtib-_MPMvx/view?usp=drivesdk









* අප විසින් ඩවුන්ලෝඩ් ලින්ක් පිලිබද කිසිම වගකීමක් නොගනී, යම් කිසි ගැටලුවක් ඇත්නම් අප හා සම්බන්ද වන්න.

* දිනපතා Update වන Film  ගැන දැනගන්න අ⁣පගේ Filmbox Facebook Page එකට Like කරන්න.

* ඔයගෙ ගැටලුව / ෆිල්ම් ඉල්ලන්න අපගෙ Facebook Page එකට මැසෙජ් කරන්න එකක් දාන්න

* ලින්ක් එක වැඩ නැත්තම්, VPN ඇප් එකක් බාවිතා කරන්න.

* Download කිරීමට නොදන්නේ තම් අපගේ Facebook ගිනුමට  Massage එකක් දමන්න , නැත්තම් Filmbox Youtube චැනලය බලන්න. Subscribe කරන්න අමතක කරන්න එපා.