Oh My Kadavule (2020)

 | අහෝ මගේ දෙවියනේ |

 [ සිංහල උපසිරැසි සමග ]

 

 

“ජීවිතයේ හැම හැමදෙයක්ම පරක්කු වෙලා තේරෙන්නේ” එවිට අපි පරක්කු වැඩියිද ? නෑ එහේම වෙන්නේ නෑ
මෙන්න තවත් දමිළ සිනමාවේ සුපිරිම ෆිලුමක උපසිරැසි අරගෙන ආවා. IMDb 8.4 ක ඉහල අගයක් ලබා ගැනීමට සමත්වී ඇති මේ ෆිලුම ඇත්තටම ඒ අගය සදහා සුදුසුම එකක් වෙනවා නිසැකයි. ඒක තීරණය කරන්න නම් ඔබ අනිවාර්යයෙන් නරඹන්න ඕන කරනව. මෙය Ashwath Marimuthu විසින් කුලුදුලේ ලියා අධ්‍යක්ෂණය කර ඇත. Ashok Selvan හා Ritika Singh ප්‍රධාන චරිතය හොබවයි . 2020 වැලන්ටයි දිනයට එලි දැක්වු මෙම පෙම් හවුලට විසදීමට Vijay Sethupathi හා Ramesh Thilak ගෞරවණිය ලෙස එක් වී ඇත. ඒ වගේම සංගීතයෙන් Leon James විසිනි .
Oh My Kadavule Sinhala Sub
ෆිලුම ගැන කියනවනම් මේක කටගරි කරල තියෙන්නේ Fantasy , romantic , comedy විදියටයි . කොමඩි ටයිප් එකට පටන් ගත්තත් ඊට එහා ගිය කතාවක් මෙකෙන් කියනවා . යාලුවෙක් පෙම්වතියක් වෙන්න පුලුවන්ද ? බැරිද ? මේක තමයි මේ ෆිලුමේ පලවෙනි ප්‍රශ්නය. හරි ඔයාගෙන් ඔයාගේ හොදම යෙහේලිය එකපාරටම අපි බදිමුද කියල ඇව්වනම් මොකක්ද දෙන උත්තරය ?. හා කිව්වනම් මොකක් වෙයිද ? හරි බෑ කිව්වනම් මොකක් වෙයිද ? හරිම පටැලවිල්ල නේද ? . හා කියල බැදලා ආයෙත් බෑ කියන්න බෑ නේ . මොනවා කරන්නද කියල බැද ගත්තු බෙරේ ගහන එකයි අපි කරන්නේ.
හරි අපිට හා කියල එපාවුන කසාදය හදාගන්න කියල අවස්ථාවක් ලැබුනොත් ?. ඔව් හරියට ටයිම් ට්‍රැවල් එකක් වගේ . එහේම වුනානම් අනිවාර්යයෙන් බෑ කියනවා නේද ? . ඔන්න එහේම අවස්ථාවක් ලැබුනා කොල්ලෙක්ට. එයාට ලැබනවා අවස්ථාවක් ජීවිතය නැවත පටන් ගන්න. අපි හිතුවා වගේම එයා එයාගේ හොදම යාලුවා ඇව්වාම බදින්න බෑ කියනවා. වැඩේ ගොඩද ?. ගොඩ කියල හෝ නෑ කියල හෝ හිතනවනම් මේ ෆිලුම බලන්න.
අපේ ජීවිතයට යමක් ලැබනකොට යමක් නැති වෙනවා. අපි නිතරම තෝරගන්නේ වඩාත් ඕනෙම දේ . නමුත් කාලයාගේ ඇවෑමෙන් ඒ දේත් අවශ්‍ය නැති කරදරයක් බවට පත්වෙනවා . පත්වෙනවා කිව්වට අපි පත්කර ගන්නවා . ඒ අපි අපි ගැනම විතරක් හිතන නිසා. කවදාද අපට ආදරය කරන අයහේ ආදරය කරදරක් නොවෙන දෙයක් විදියට දකිනවද එදාට ජීවිතය සැහෑලුවෙන් ගෙවෙන්න ගන්නවා.





https://drive.google.com/file/d/19KXswM9yBsJ_6prqhBnoOyYjSMylaAZv/view?usp=drivesdk

 


* අප විසින් ඩවුන්ලෝඩ් ලින්ක් පිලිබද කිසිම වගකීමක් නොගනී, යම් කිසි ගැටලුවක් ඇත්නම් අප හා සම්බන්ද වන්න.

* දිනපතා Update වන Film  ගැන දැනගන්න අ⁣පගේ Filmbox Facebook Page එකට Like කරන්න.

* ඔයගෙ ගැටලුව / ෆිල්ම් ඉල්ලන්න අපගෙ Facebook Page එකට මැසෙජ් කරන්න එකක් දාන්න

* ලින්ක් එක වැඩ නැත්තම්, VPN ඇප් එකක් බාවිතා කරන්න.

* Download කිරීමට නොදන්නේ තම් අපගේ Facebook ගිනුමට  Massage එකක් දමන්න , නැත්තම් Filmbox Youtube චැනලය බලන්න. Subscribe කරන්න අමතක කරන්න එපා.