Bloodshot (2020)

 | වෛරය |  

[ සිංහල උපසිරැසි සමඟ ]



හැමෝටම සුබ දවසක් කියලම කතාව පටන් ගන්නම්.අද දවසේ HD පිටපත් නිකුත් වුණ හොලිවුඩයේ දැවැන්තම චිත්‍රපටි චරිතයක් වෙන Vin Diesel ගේ Bloodshot 2020 චිත්‍රපටිය තමටි අද උපසිරසිය අරගෙන එන්නෙ. ඒ වගේම Eiza González, Sam Heughan, Toby Kebbell, Toby Kebbell කියන හොලිවුඩයේ තවත් දැවැන්තම චරිත කිහිපයක්ම මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා. කොහොම උනත් මේ චිත්‍රපටිය තිරගතවෙලා වැඩි කාලයක් යන්න කලින් HD පිටපත් නිකුත් වුණා. ඒකට හේතුව වෙන්නෙ මේ වෙනකොටත් මුළු ලෝකෙ පුරාම ව්‍යාප්ත වෙලා තියෙන “COVID – 19” (කොරෝනා) වසංගතය. මේ වෛරසය හින්දා ලොව පුරාම තිබ්බ සිනමාශාලා වහලා දාන්න හැම රටක්ම තීරණය කරපු හින්දම මේ චිත්‍රපටියෙ අධ්‍යක්ෂක David S. F. Wilson කිව්වෙ හැකි තරමක් සිනමාශාලා වල තිරගත කරලා ඉක්මන්ටම HD පිටපතක් ලබාදෙනවා කියලා. 2020 පෙබරවාරි මාසෙ 20 වෙනිදා තිරගවීම් ආරම්භ කරපු මේ චිත්‍රපටියෙ මාසයක් වගේ පොඩි කාලෙකදි හොඳ කොපියක් බලාගන්න පුළුවන් වුණා.
එහෙනම් ඉතින් මේ චිත්‍රපටිය ගැනත්පොඩි දෙයක් දැනගෙන ඉමු.

Bloodshot 2020 කියලා කියන්නෙ ඇමරිකානු සුපර් හීරෝ චරිතයක් බේස් කරගෙන නිර්මාණය කරපු දැවැන්ත සිනමාපටයක්. මේ චිත්‍රපටිය Valiant Comics සිනමා විශ්වය තුළ නිර්මාණය කරපු චිත්‍රපට මාලාවක පළමුවෙනි චිත්‍රපටිය කියලා කිව්වත් හරි. ඒ කියන්නෙ ඉතින් මේ චිත්‍රපටිය එක චිත්‍රපටියකින් නිමා වෙන්නෙ නෑ. මේ චිත්‍රපටියෙන් පස්සෙ අපිට මේකෙම තවත් චිත්‍රපටි බලාගන්න පුළුවන් වෙනවා. IMDb පැත්තට ගියොත් ඒ පැත්තෙන් නම් ලොකු Ratings එකක් බලාපොරොත්තු වෙන්න බෑ. IMDb 5.6 ක් වගේ අඩු අගයක් තමයි මේ චිත්‍රපටියට අරගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. හැබැයි ගූගල් පරිශීලකයන්ගෙ 85% 👍 කැමැත්තක් ගන්න මේ චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා. Ratings අඩු උනාට හොඳම චිත්‍රපටියක් කියලා බය නැතුව කියන්න පුළුවන්. Vin Diesel ගෙ රසිකයොන්ට නම් ඉතින් හොඳම චිත්‍රපටියක් තමයි මේක. එහෙම කිව්වට අනිත් අයට වැඩක් නැති එක්කුත් නෙවෙයි.

Bloodshot චිත්‍රපටය නිර්මාණය කරනවා කියලා පළවෙනියටම දැනුම් දෙන්නෙ 2012 දි. ඒ අනූව 2018 මාර්තු මාසයේදි Vin Diesel ව ප්‍රධාන චරිතය තෝරාගන්නවා. සෙසු නළු නිළියන් ඊළඟ මාස කිහිපය තුළ තෝරාගන්න කටයුතු කරලා තියෙනවා. මේ චිත්‍රපටියෙ රූගත කිරීම් 2018 අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකාවෙදි ආරම්භ වෙලා ඔක්තෝබර් මාසය දක්වා රූගත කිරීම් සිදුවුණා. චිත්‍රපටියෙ ස්ටෝරි එක ගැනත් පොඩ්ඩක් කියන්න ඕන කියල හිතුනත්, මේ වගේ සුපිරි ෆිල්ම් එකක් ස්පොයිල් නොකරම බලන එක හොඳ නිසා කිසි දෙයක් නොකිය ඉන්න එක හොඳයි කියල හිතුනා SONY Pictures ආයතනය 2020 මාර්ත මසු 13 වන දින එක්සත් ජනපදයේ තිරගත කිරීම් ආරම්භ කරත් මම කලින් කිව්වා වගේම COVID – 19 වෛරසය නිසාවෙන්ම ඒ තිරගත කිරීම මාසයක් වැනි කෙටි කාලයකට සීමා වෙනවා. ඒ මාසය පුරාවට විතරක් ඩොලර් මිලියන 26 ක ආදායමක් උපයා ගන්න මේ චිත්‍රපටිය සමත් වෙනවා. අති සාර්ථකව තිරගත කිරීම් නිමා කරන්න බැරි උනත් සාර්ථක චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්. ආයෙ ඉතින් Vin Diesel ව බලාගන්න පුළුවන් වෙන්නෙ Fast & Fiurous 9 චිත්‍රපටිය හරහා තමයි. ඒත් ඉතින් මේ COVID – 19 වෛරසය හින්දා ඒකත් දින නියමයක් නැතිවම කල් ගියානෙ. F & F විතරක්ම නෙවෙයි ඉදිරියේදි තිරගත වෙන්න තිබුණ හැම චිත්‍රපටියක්ම දින නියමයක් නැතිවම කල් යනවා. ඒ කොහොම උනත් ආයෙ ප්‍රසිද්ධ චිත්‍රපටියක් අපිට බලාගන්න වෙන්නෙ මේ වෛරසය ඉවරයක් උනාම තමයි.



https://drive.google.com/file/d/172aNlaY5Axxu4NL2-mWeMHa8xk3aaR0g/view






* අප විසින් ඩවුන්ලෝඩ් ලින්ක් පිලිබද කිසිම වගකීමක් නොගනී, යම් කිසි ගැටලුවක් ඇත්නම් අප හා සම්බන්ද වන්න.

* දිනපතා Update වන Film  ගැන දැනගන්න අ⁣පගේ Filmbox Facebook Page එකට Like කරන්න.

* ඔයගෙ ගැටලුව / ෆිල්ම් ඉල්ලන්න අපගෙ Facebook Page එකට මැසෙජ් කරන්න එකක් දාන්න

* ලින්ක් එක වැඩ නැත්තම්, VPN ඇප් එකක් බාවිතා කරන්න.

* Download කිරීමට නොදන්නේ තම් අපගේ Facebook ගිනුමට  Massage එකක් දමන්න , නැත්තම් Filmbox Youtube චැනලය බලන්න. Subscribe කරන්න අමතක කරන්න එපා.